}

Intel Skylake processor

ඉන්ටෙල් සමාගමේ 6 වන පරම්පරාවේ අලුත් ප්‍රොසෙසරය 

                      පරිගණක මධ්‍ය සැකසුම් ඒකක හෙවත් CPU සෑදීම අතින් ඉහලම කීර්තියක් දිනා සිටින ඉන්ටෙල් සමාගම සිය 6 වන පරම්පරාවට (6th Gen) අයත් නවතම ප්‍රොසෙසරය මේ වසරේ අග භාගයේ දී නිකුත් කරන බව නිවේදනය කලේය. “Skylake” නම් කේත නාමයෙන් මෙය හඳුන්වා දෙනු ඇත. මීට පෙර නිකුත් කල සංස්කරණය (5th Gen) හැඳින්වූ කේත නාමය වූයේ “Broadwell” නමිනි. ඉන්ටෙල් සමාගම මේ නව ප්‍රොසෙසරය ගැන සඳහන් කර ඇත්තේ 5th Gen ප්‍රොසෙසර් කාණ්ඩය වන Broadwell ගැන සඳහන් කල සුළු කාලයකට පසුවයි. එහි තෙරුම 5 වන පරම්පරාව යනු තවමත් අලුත් ය යන්නයි. 6 වන පරම්පරාවේ ප්‍රොසෙසරයක් ඉදිරිපත් කරන්නේ අධි ධාරිතාවක් අවශ්‍ය කටයුතු සිදු කරන අය සඳහාය.

                   නව තාක්ෂණික මෙවලම් ලොවට ඉදිරිපත් කෙරෙන කොම්පියුටෙක්ස් (Computex) උළෙලේදී ඉන්ටෙල් සමාගම මෙය ප්‍රකාශ කලේය. කෙසේ වෙතත් මේ නව ප්‍රොසෙසරයේ මාදිලි අංකය, ඝටිකා වේගය (Clock Speed) හෝ කුමන මාදිලියට අයත් ප්‍රොසෙසරය මුලින් නිකුත් කරනවාදැයි ප්‍රකාශ කර නැත.


                                          මෙම නව ප්‍රොසෙසරය ඉදිරිපත් කරන්නේ IRIS Pro 6200 ග්‍රැ‍ෆික්ස් සමගය. nvidia, ATI  හෝ AMD වැනි ග‍රැ‍ෆික් කාඩ් පතක් නොමැතිව අති ප්‍රබල බලයකින් යුතු ග්‍රැ‍ෆික් හැකියාවක් ලබා ගැනීමට මෙමගින් හැකිවනු ඇති. ඒ අනුව බලන කල මෙය අධි ධාරිතාවක් අවශ්‍ය වන වීඩියෝ සංස්කරණය, පරිගණක ක්‍රීඩා සඳහා ඉතාමත් යෝග්‍ය වේ. ඉන්ටෙල් සමාගම පවසන ආකාරයට කුඩා LGA චිප් සහිත පරිගණක වලට වේගවත් මීඩියා එන්කෝඩින් හැකියාවක් , වඩා හොඳ 4K තිර සහය දැක් වීමක් මෙම නව ප්‍රොසෙසරය මගින් ලැබෙනු ඇත.

0 comments: