}

What is 4G ,In Sinhala

දුරකතන සංනිවේදන තාක්ෂණය දියුණුවෙන්න පටන් ගත්තෙ 1980 දී. 1981 දී හඳුන්වා දීපු ප්‍රතිසම තාක්ෂණය (Analog Cellular Network) 1G වේ (මෙහි G අකුරින් පරම්පරාව හෙවත් genaration යන්න දැක්වේ).දෙවන පරම්පරාව (2G) 1992 හඳුන්වාදුන් සංඛ්‍යාංක/ ඩිජිටල් (Digital Network) තාක්ෂණයයි. අදටත් ජනප්‍රිය 3G තාක්ෂණය හඳුන්වාදුන්නේ 2001 දීයි. IP තාක්ෂණය (IP Data Network) එහිදී භාවිතා කෙරේ. දැන් ඉදිරිපත් කර ඇති නවතම තාක්ෂණය 4G හෙවත් All IP Data Network තාක්ෂණයයි.  HSPA+, වයි මැක්ස් හා LTE යනු මෙම 4G තාක්ෂණය භාවිතා කරන ඒවාය. LTE (Long-Term Evolution) යනු එහි ප්‍රමුඛතම තාක්ෂණයයි. මෙසේ තාක්ෂණය දියුණු කරන්නේ පැරණි තාක්ෂණික උපාංඟ වලටද ගැලපෙන පරිදිය. එනම් අලුත් තාක්ෂණයක් ආවා කියා පැරණි උපාංඟ වලට බාධාවක් ඇති නොවේ.
3G හා 4G වෙනස
3G තාක්ෂණයේදී  ඉන්ටනෙට් ප්‍රොටොකෝලය (IP) භාවිත කලද එහි කටහඬ  හුවමාරු කරන ලද්දේ පැරණි ප්‍රතිසම හෙවත් Analog ක්‍රමයටය. 4G තාක්ෂණයේදී කටහඬද IP තාක්ෂණය භාවිත කොට සන්නිවේදනය කල හැකිය. එනම් 4G මගින් 4G දුරකතන වලට ඉන්ටනෙට් ඇමතුම් ලබාගත හැකිය. All IP Data Network කියන්නේ එනිසාය.
4G Magic 
4G තාක්ෂණය මවිත කරවන තාක්ෂණික පිම්මකි මේ නිසාම මෙය "මැජික් (Magic) වැඩක්" යනුවෙන් හඳුන්වයි. නමුත් සැබැවින්ම MAGIC යන වචනයේ අකුරු 5ට තේරුමක් තිබේ. එය මෙසේය...

*M - Mobile multimedia : කිසිඳු බාධාවකින් තොරව යන එන ගමන් වුවත් වීඩියෝ, ඔන්ලයින් ගෙම්, ගීත ඇසීම වැනි මල්ටිමීඩියා කටයුතු කිරීමට හැකිවීම.
*A - Anytime anywhere : ගොඩනැගිලි පිටත, ඇතුලත, කඳු, ගංගා ,ගමන් කරන වෙගය 4G තාක්ෂණයට බාධාවන් නොවේ.
*G - Global mobility support : තමන් ඉන්නා රට 4G තාක්ෂණයට බාධාවක් නොවේ. 
*I - Intergrated wireless solution : ‍රැහැන් රහිත හා ‍රැහැන් සහිත සියලු දුරකතන සේවා පහසුකම් මෙහිදී ලබා ගත හැක.
*C - Customized personal service : අවශ්‍ය දෙට විතරක් ගෙවීම කල යුතු වීම.

වේගය
කලින් තිබූ 3G තාක්ෂණයේදී ලබා ගත හැකි වේගය 1.5 - 3 Mbps අතර පැවතුණි. නව 4G LTE තාක්ෂණයේදී මෙම වේගය 10- 20 Mbps අතර පවතී.

1 comment: